Tuesday, December 5, 2023

දුමක් දාමුද

20 මැයි මාසෙ 8 වෙනිද පටන් ගත්ත බොලොග්ගුවට ආයෙ මොකක් හරි එකතු කරන්නම ඕනෙ කියල අනේක වාරයක් හිතුනට, සිතුවිළි අකුරු කරන්න මාර කම්මැලිකමක්නෙ අප්පා මදුවට තිබ්බෙ.

නමෝ විත්තියෙන් ඕං අද එකක් ලියන්න හිතුනා. නිකම්ම නෙවේ, තනියගෙ (https://tharuwehi.blogspot.com/) තනි තරුව දැකල :D.

ටිකකට කලින් Fahadh Faasilගෙ Dhoomam 2023 බැලුව. පොර පොරගෙ සුපිරිම ඉට්ටයිල් එකේ රඟනව. සෙසු නළු නිළියො ආයෙ මූට මක්කට second වෙන්නයැ කියල ෆාහද්ට වඩා සුපිරියටම වැඩ. මටත් හිටිය ඉස්සර යාලුවෙක්, පොරගෙ ලව් එක බ්‍රේක් උන දුකට සිගා පැකට් එකක් දවස ගානෙ ඉවර කරපු. දැන් නම් පොර සියල්ල අතෑරල.

කථාවට ආවොත්, ෆිලුමෙ ලෙසටම පෙන්නනව දුම දාන එකේ ප්‍රථි විපාකෙ. ඊට වඩා ලස්සනට පෙන්නනව ඕක ඇතුලෙ තියෙන, තිරෙන් එහා නාටකය කොයි වගෙද කියල. ලස්සනම දේ, අන්තිම ටික. 

"අවි ගත්තෝ අවියෙන්ම නසිත්"

ඕක බලන්න ගත්ත ගමන් මටත් හිතුන දුමක් දාන්න. පුරුද්දක් කරගන්න. ටිකක් යද්දි මට හිතුනා vapo එකක් ගන්න. Aliexpress එකේ දැං ලංකාවට ඕව එවන්නෙ නැහැනෙ. හොඳම එක තෝර තෝර ෆිලුමම බැලුව. ඇයි ගන්න හිතුවෙ කිහල තමා අන්තිමට හිතුනෙ.

මදුව දන්න, අත්දැකපු, හැමෝටම කියන දෙයක් තියෙනව. "අපි දෙයක් දුන්නොත් ඒක අනිවාර්‍යෙන්ම ආයෙ ලැබෙනව. දෙයක් ගත්තොත් අනිවාර්‍යෙන්ම දෙන්නත් වෙනව". කොහොම උනත් මේ ආත්මෙදිම ගෙවන්න තියෙන සමස්ථ ණය ප්‍රමාණයම ගෙවල ඉවර කලා නම් අපිට ලබන ආත්මෙ ආතල් එකේ ඉන්න පුළුවන්නෙ.

අන්තිමට කියන්න තියෙන්නෙ, තමන් කරන සමහර දේවල් වලින් අනිත් අයට වෙන්නෙ මොකක්ද කියලත් පොඩ්ඩක් විතර හොයල බලන්න පුලුවන් නම් වටිනව. අපි මේ ලෝකෙට එන්නෙ ඇයි කියල දන්නවද ? ආයෙ ආයෙ ඉපදෙන්නෙ ඇයි කියල දන්නවද ? ඒක හරියට ජොබක් වගේ. වැඩ ඉවර නැත්නම් හෙට කරන්න ඕනෙ. මැරෙන්න කලින් වැඩේ ඉවර නොකලොත් ආයෙ ලබන ආත්මෙ තමා. 

ඔන්න ඔය විදියට ආයෙ ලියන්න ඊයෙ පටන් ගත්ත එක අද තමා ඉවර කලේ. 

මදූ

Thursday, May 8, 2014

සිතු විළි

මේකට නමක් කල්පනා කරද්දි එක එක ඒවා ඔළුවට ආවා
ඒත් අන්තිමට නැවතුනේ "සිතු විළි" ලඟ. බලද්දි කාට හරි හිතුනොත් මූට පිස්සු කියලා, පොඩ්ඩක් කල්පනා කරල බලන්න. අපි කරන වැඩ වලින් කීයෙන් කීයක් බොරු දේවල්ද? කිසිම තේරුමක් නැති දේවල්ද ?

සමහර වෙලාවට අපි කරන දේවල් අපට වත් තේරෙන් නෑ.
ඇයි මං එහෙම කලේ, අයියෝ අපරාදේ, අනේ මම ටිකක් ඉවසුව නම්....
ඔන්න ඔය වගේ දේවල් අපි දවසකට කී පරක් හිතනවද ?

මම දැකල තියෙනව මෙලෝ රහක් නැති මිනිස්සු. කරන්නෙ හිතට එන දේ. ඒක වැරැද්දක් වහ ගන්න තව එකක් කරනවා.
මුලදිම හිතල කලා නම් එහෙම වෙන්නෙ නෑ නේ.
ඔන්න ඕකයි මම මේකට සිති-විළි කියල නම දැම්මේ

Labels:

පෙර වදන

කාලෙක ඉඳන් පුදුම ආසාවක් තිබ්බ දෙයක් තමයි මේ විදියට එළි දක්වන්නෙ. කියන්න බෑ මගෙ අනිත් දේවල් වගෙ මේකත් කොච්චර කාලයක් කරගෙන යාවිද කියලා.
ඒත්, හිතට දැනෙන, ඇහැට දකින, බුද්ධියෙන් (මට ඇතැයි මා සිතමි ) පෙනෙන සියල්ලක්ම කියන්න බැරි නිසයි මේ විදියට කොඳුරන්නෙ.
කී දෙනෙක් බලයිද දන්නෙ නෑ.
කී දෙනෙක් හැදෙයිද දන්නේ නෑ.
කී දෙනෙක් මට බනීද දන්නෙ නෑ

Labels: